ශ්‍රී ලංකාවේ පුරාණ වාරි පරිසර පද්ධතිය

වැදගත්කම,
ගමේ ස්වයංපෝශිත භාවය
සෞඛ්‍ය හා සනීපාරක්ෂාව
වනජීවී ආරක්ෂාව
සත්ව මිනිස් ගැටුම් අවම කිරීම


කුලු වැව- විශාල ජලාශ වල රොන් මඩ තැන්පත් වීමට හා සතුන්ට වතුර බීමට සාදන ලද කුඩා වැවු.


ගස් ගොම්මන- වැව පෝෂණය වන උල්පත හා කුඩා වැවු පිහිටා ඇති ශාක වලින් ගහන වන ප්‍රදේශය. මෙය සුලං බාධකයක් ලෙස ක්‍රියා කර වාශ්පීකරණය අඩු කරයි.

පෙරහන- ගස් ගොම්මනට පහලින් ඇති දෙණිකඩයි. ඉහල ප්‍රදේශයෙන් පැමිනෙන රොන්මඩ මෙහි රඳවාගනී
.
ගොඩවල- රොන්මඩ රඳවාගැනීම සඳහා සහ සතුන්ට වතුර බීමට සාදන ලද්දකි.

ඇතුලු වාන- වැවට ජලය ඇතුල්වන්නේ මෙයිනි.

ඉස් වැටිය- වැවට ඉහල ඉඩම් වලින් රොන් මඩ ගලාඒ්ම වැලැක්වීමට සකස් කල පස් වැටිය.

තිස් බඹය- ගංගොඩ වටා පිහිටා ඇති සරුසාර භූමියයි. සනීපාරක්ෂක කටයුතු සඳහා සහ ගවයින් රැඳවීමට යොදාගනී. ගවයින් නිසා ගංගොඩ වනසතුන්ගෙන් හා මැලේරියාවෙන් ආරක්ෂා විය.

කලිඟු බැම්ම- වැව් බැම්ම කැඩී ගියහොත් වැවේ සියලු ජලය ගලායාම වැලැක්වීමට ඉදිකර ඇති කුඩා බැමි.

වෑකන්ද- වැවෙහි තැන්පත් ජලය රඳවාගන්නා වැව් බැම්ම. ගඟක්, ඔයක් හෝ දිය පහරක් කපොල්ලකින් හරස්කර ඉදිකරනු ලබයි.

රළපනාව- වැවු බැම්ම රල පහරින් සේදීයාම වැලැක්වීමට කලුගල් පතුරු යොදා නිර්මාණය කරයි.

පිටවාන- වැවක වැඩි ජලය පිටකිරීමට යොදාගන්නා ස්ථානය.

බිසෝ කොටුව- ජලය සොරාව්වෙන් පිටතට ගලායාමේදී වැවු බැම්මට ඇතිවන පීඩනය අවම කිරීමට නිර්මාණය කර ඇත.

සොරාව්ව- පාලනයකින් යුතුව වැවේ ජලය නිදහස් කිරීමට යොදාගනී.

මඩ සොරාව්ව- වැව පතුලේ එක්රැස් වන කිවුල ආදී බැර ලෝහ පිටතට ගලායාමට සලස්වයි.

කට්ටකාඩුව- වැවු බැම්මට පහලින් ඇති රක්ෂිත ප්‍රදේශයයි. වැවු බැම්ම ශක්තිමත් වීමට වැටකේ සහ බැර ලෝහ වැඩි වශයෙන් උරාගන්නා කුඹුක්, දං, වල්බෙලි, වේවැල් ආදිය රොපනය කර ඇත.

යතුරු වල- භූගත ජල මට්ටම වැඩි කරමින් වැවු බැම්මේ ජල කාන්දුව අවම කරයි.

ඇල මාර්ග- කුඹුරු වලට ජලය ගෙන යාමට යොදාගනී.

කිවුල් ඇල- ජල අපවහනය සඳහා යොදා ගන්නා ස්වාභාවික දිය පහරයි. මෙහි ඇති ගස් හා කුඩා මාළු කුඹුරු යායෙන් බැහැර කරන ජලය පිරිසිදු කරයි.






එල්ලංගා පද්ධතිය

වියලි කලාපීය ප්‍රදේශ වල ක්ෂුද්‍ර ජලාධාර ප්‍රදේශ තුල පිහිටි ජලය ගබඩා කිරීම, රැගෙන යාම හා ප්‍රයෝජනයට ගැනීම සඳහා වූ එකිනෙකට සම්බන්ධ වැවු පද්ධතිය.