තක්කාලි වගා කරමු
තක්කාලි වගාවෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට නම්
බිම් සකස් කිරීමේ සිට අස්වැන්න නෙලා ගැනිම තෙක්ම නිවැරදි වගා පිළිවෙත් අනුගමනය කළ
යුතුයි.
ගෙවත්තට බෝග තෝරා ගැනීමේ දී බොහෝ දෙනෙකු තක්කාලි වගා
කිරීමට උනන්දුවක් දක්වන බව නොරහසක්. මෙහි සදහන් කරුණු කෙරෙහි ඔබගේ අවධානය යොමු කරන්නේ
නම් ගෙවත්තේ වගා බිමේ වැඩෙන තක්කාලි වල රස බැලීමට ඔබටත් අවස්ථාව උදා වෙනු ඇත.
සුදුසු බිමක් තෝරා ගැනීම
මුහුදු මට්ටමේ සිට අඩි 1300 දක්වා ඉහළ මනාව හිරු
එළිය වැටෙන ජලය හොදින් බැස යන කාබනික ද්‍රව්‍යය සහිත ලෝම පසෙහි තක්කාලි වගාව
සාර්ථකව කළ හැකිය. අප රටේ යල මහ කන්න දෙකේදී ම තක්කාලි වගා කළ හැකිය. මැටි සහිත පස
වගාවට එතරම් හිතකර නොවේ. පසෙහි පී. එච්. අගය 6-7 අතර තිබීම වඩාත් සුදුසු ය. වැඩි
වර්ෂාපතනයක් සහිත උඩරට ප්‍රදේශවල ආවර්ණ ගෘහ තුළ තක්කාලි වගාව කර සාර්ථක අස්වනු
නෙලා ගනී.
ලංකා චෙරි ප්‍රභේදය වැල් ආකාරයෙන් වැඩෙන අතර කල්
තබා ගත හැකි නිසා ඉහළ මිලක් ගන්නා වර්ගයක් ලෙස ගොවියන් අතර පිළිගැනීමක් ඇත.
2005 වසරේ නිර්දේශ කර තිබෙන ලංකා සවර් ප්‍රභේදය
තක්කාලි ප්‍රභේද අතරින් ඇඹුල් රසයක් ගන්නා වර්ගය
නිසා තක්කාලි වලින් බලාපොරොත්තු වන ඇඹුල් රසය ඉන් ලබා ගත හැකිය.
තක්කාලි තවාන
තවාන් දැමිමේ දී අවශ්‍ය ප්‍රමාණයට බීජ තවාන් දමා
ගැනීම වැදගත්ය. උසස් පැළ වීමේ ශක්තිය (85%) සහිත බීජ මිල දී ගැනීමට සැළකිලිමත් විය
යුතුය. හෙක්ටයාරයක් වගාවට අවශ්‍යය වන්නේ බීජ ග්‍රෑම් 150-200 ප්‍රමාණයකි. ඒ අනුව
ඔබට අවශ්‍යය ප්‍රමාණයට බීජ ප්‍රමාණය තෝරා ගත හැකියි.
තවාන් වර්ග
තවාන් පාත්ති, කුට්ටි තවාන්, බදුන් තවාන්
බීජ තවාන් තෝරා ගැනීමේ දී එම ස්ථානයට හොදින් හිරු
එළිය වැටීම අවශ්‍යය ජලය හොදින් බැස යන ස්ථානයක් වීම වැදගත්ය. තවාන් දැමීමට ගන්නා බීජ මෙන්ම තවාන් සදහා යොදා
ගනු ලබන මාධ්‍යයද ජීවානුහරණය කළ යුතුය.
වගා කිරීමට සුදුසු ප්‍රභේද
උසස් අස්වැන්නක් නෙලාගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
මගින් නිර්දේශ කරන ලද තක්කාලි වර්ගයක් තෝරා ගැනීම සුදුසු ය. ඉතා සියුම් තක්කාලි බීජ තවාන් කර සිටුවා පැළ ලබා
ගත යුතුය. තක්කාලි වර්ග කිහිපයක් දැනට ගොවීන්ට හදුන්වා දී
ඇත. ඒවා අතරින් ටී 245 රවි, රවිදු,
තිළිණ රශ්මි හා රාජිත යන ප්‍රභේද වගාවට වඩා සුදුසු වේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මෑතක දී දෙමුහුන් ප්‍රභේද දෙකක් (දේශියව
නිෂ්පාදනය කළ) හදුන්වා දී ඇත.එනම් මහේෂි හා භාතිය ඒ තක්කාලි වර්ග දෙකයි. භාතිය නමැති තක්කාලි වර්ගය වැල් ආකාරයටත් මහේෂි
වර්ගය පදුරු ආකාරයටත් වැවේ. මෙම ප්‍රභේද දෙක හිටු මැරීමේ රෝගයට හොදින්
ඔරොත්තු දෙයි.
ගෙවත්තට අවශ්‍යය බීජ පැළ ප්‍රමාණය නිපදවා ගන්නේ
නම් ඉවතලන මැටි ප්ලාස්ටික් බදුන් ද කිරි හට්ටි පොලීතින් උර ආදිය ද තවාන් සකස් කර ගැනීමට යොදා ගත හැකිය. මේවා භාවිත කරන විට වැඩි වතුර ඉවත් කිරීමට ක්‍රමද
යොදා ගත යුතුය.
බීජ තවාන් කිරීමට පෙර තවානට ගන්නා ද්‍රව්‍යය
ජීවානුහරණය කිරීම වැදගත් වේ.
කොම්පෝස්ට් නම් නිර්දේශිත දිලීර නාශක භාවිත කළ යුතුය.
(අන්තර්ජාලය ඇසුරෙනි)