වම්බටු සිටුවීම
එළවළු වර්ග
උඩරට හා පහතරට යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකට වෙන්කළ හැකි. තක්කාලි, ගෝව, කැරට්, බීට්, ලීක්ස්, රාබු වැනි එළවළු වර්ග
උඩරට එළවළු ලෙස ගැනෙන අතර වම්බටු, කරවිල, පතෝල, කැකිරි,
පිපිඤ්ඤා, බණ්ඩක්කා වැනි එළවළු
වර්ග පහතරට වළවළු ලෙස සැලකේ.
වම්බටු දේශීය
හා විදේශීය වෙළඳපලේ ජනප්‍රිය එළවළුවකි. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල වම්බටු වගා
කරන අතර අනුරාධපුර, බදුල්ල,
මොණරාගල, රත්නපුර, මාතලේ සහ හම්බන්තොට යන
දිස්ත්‍රික්වල බහුවල වගා කරනු ලැබේ. වගා බිම් ප්‍රමාණය සැලකූවිට එළවළු බෝග අතුරින්
2වන ස්ථානය
හිමිවන්නේ වම්බටු වලටය.
වම්බටු ශාකය
ප්‍රථමයෙන් සම්භවය වූ ස්ථානය ලෙස ඉන්දියාව සැලකෙන අතර, චීනය දෙවන ස්ථානය ලෙස සැලකේ. පසුව ස්පාඤ්ඤය,
පර්සියාව හා අප්‍රිකාව
වැනි රටවලට ව්‍යාප්ත වූ බව පෙනේ.
දේශගුණික හා
පාංශු අවශ්‍යතාව
මුහුදු මට්ටමේ
සිට මීටර් 1300 දක්වා
උච්චත්වයක වසර පුරාම වම්බටු වගා කළ හැක. උඩරට වියළි කලාපයේ වම්බටු සිටුවීම සඳහා
යෝග්‍ය වන්නේ මැයි සිට අගෝස්තු දක්වා කාලයයි. උඩරට තෙත් කළාපය වම්බටු සිටුවීම සඳහා
යෝග්‍ය නොවේ. වම්බටු වැඩි උෂ්ණත්වය යටතේ ශුෂ්ක ප්‍රදේශවලද වගා කළ හැකිය. දිවා
සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් 27 - 32 පමණද, රාත්‍රී සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් 21
- 27 යෝග්‍ය වේ. ශීත
දේශගුණ තත්ත්වවලදී අසාමාන්‍ය ලෙස වර්ධනය වූ කුඩා පැල ඇති වේ.
වම්බටු ඕනෑම පසක
වගා කළ හැකි බෝගයක් වුවද සාමාන්‍යයෙන් සාර්ථක වම්බටු සිටුවීමක් සඳහා පාංශු පී.එච්.
අගය 5.5 - 6.8 පරාසයක තිබිය
යුතුය. සැහැල්ලු සිට මධ්‍යම වයනයක් ඇති හොඳින් ජල වහනය වන පසක් යෝග්‍ය වේ. මෙම
බෝගයේ මුල් පද්ධතිය ගැඹුරට නොවිහිදෙන බැවින් නිතරම ජල සම්පාදනය කිරීම අවශ්‍ය වේ.
ක්ෂුද්‍ර පෝෂකවල අවශ්‍යතාව ඉතා පහළ මට්ටමක පවතී. එම නිසා ඌනතාවයන් ඇති වන්නේ
කලාතුරකිනි.
තවාන් පාලනය
වම්බටු,
බීජ ඉතා කුඩා වීම
හේතුවෙන් බීජ කෙළින්ම වගා ක්ෂේත්‍රයේ සිටුවීම සුදුසු නොවේ. බීජ තවාන්කර ලබාගන්නා
බීජ කුඩා පැල ක්ෂේත්‍රයේ සිටුවිය යුතුය.
තවාන් මඟින් කුඩා
පැල ලබාගැනීමේ වාසි
බීජවල ප්‍රරෝහණය සඳහා යහපත් පාංශු තත්ත්වයන්
තවානේදී ලැබෙන නිසා ශක්තිමත් හා නිරෝගී කුඩා පැල වැඩි සංඛයාවක් ලබාගත හැකි වේ
ඒකාකාරීව සහ හොඳන් බීජ ප්‍රරෝහණය සිදුවන නිසා
බීජ සඳහා වන වියදම අවම කරගත හැක. නාස්තිය අවමවේ
අහිතකර කාලගුණික තත්ත්වයන්ගෙන් හා ජෛවීය
සාධකවලින් ඇතිකරන බලපෑම් අවමකර ගැනීමට හැකිවේ
තවානට සුදුසු
ස්ථානයක් තෝරා ගැනීම
දවස පුරා හොඳින් සූර්යාලෝකය ලැබෙන ස්ථානයක්
විය යුතුය
ජලය හොඳින් බැසයන ස්ථානයක් විය යුතුයි
තවාන් දැමීමට බලාපොරොත්තු වන බීජ වර්ගයට අයත්
බෝගය හෝ එම කුලයට අයත් වෙනත් බෝගයක් හෝ එම ස්ථානයේ මෑත කාලයේදී වගාකර නොතිබිය
යුතුයි
තවානේ නඩත්තු කටයුතු සිදුකිරීමටත් රැකබලා
ගැනීමටත් පහසු ස්ථානයක් වීම අවශ්‍යයි
පාංශු
ජීවානුහරණය
මෙහිදී සිදු
කරන්නේ බීජ කුඩා පැලවලට හානි සිදු කරන පසේ ජීවත්වන්නාවූ පාංශු දිලීර සහ බැක්ටීරියා
මෙන්ම බීජ කුඩා පැලවලට හානි කරන කෘමීන් හා නෙමටෝඩාවන් වැනි කුඩා ජීවීන් හා වල්
පැලෑටි බීජ විනාශ කිරීමයි.
ජීවානුහරණ ක්‍රම
ජීවානුහරණය
සඳහා විවිධ ක්‍රම භාවිතා කරණු ලැබේ
භෞතික ක්‍රම
රසායනික ක්‍රම
භෞතික ක්‍රම
පිලිස්සීම මඟින් ජීවානුහරණය
සූර්යතාපය මඟින් ජීවානුහරණය
පාංශු දිලීරනාශක භාවිතයෙන් ජීවානුහරණය
පිලිස්සීම
මඟින් ජීවානුහරණය
පළමුව සාදාගත්
පාත්තිය ජලය දමා තෙත් කරන්න. පසුව සෙන්ටිමීටර් 12ක් පමණ ඝනකමට පිදුරු තට්ටුවක්ද, ඒ මත සෙන්ටිමීටර් 7-12 ක් පමණ ඝනකමට දහයියා
තට්ටුවක්ද නැවත සෙන්ටිමීටර් 7 - 12ක් පමණ ඝනකමට පිදුරු තට්ටුවක්ද අතුරා සුළං හමන දිශාවට
විරුද්ධ අතට පාත්තියේ කෙළවරකින් ගිනි තබනු ලැබේ. ගින්න නිවුන පසු අළු ඉවත්කර බීජ
දැමීමට පෙර දින 4ක් පමණ තවාන
නිවෙන්න හරින්න.
සූර්ය තාපය
මඟින් ජීවානුහරණය
තවාන් පාත්තිය
හොඳින් සකස්කර ගන්න. වතුර මලක් සවිකළ බාල්දියකින් පාත්තිය හොදින් තෙමා හතර කොන
ගඩොල් කැට 4ක් තබාගත
යුතුයි. තවානේ මතුපිටත් පොලිතීන් ආවරණයත් අතර සෙන්ටිමීටර් 2-4ත් අතර උස ප්‍රමාණයක්
තබාගැනීම පිණිස මේ ගඩොල් කැට තබණු ලැබේ. ඉන් පසු පොලිතීන් ආවරණයෙන් තවාන
සම්පූර්ණයෙන්ම ආවරණයකර වටේට පස් දමා හොඳින් තද කළ යුතුයි. මෙය දින 14ක් හොඳින් සූර්යාලෝකයට
නිරාවරණය කළ යුතුය.
තද හිරුඑළිය
ඇති දිවා කාලවලදී පසේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 55ට වඩා ඉහළයාම නිසා පොලිතීනයත් තවානත් අතර
ඇති වාතය සහ පසේ ජලය රත්වීම මඟින් පසේ ක්ෂ්‍රද්‍ර ජීවීන් විනාශ වේ.
පාංශු
දිලීරනාශක භාවිතයෙන් ජීවාණුහරණය
මෙය පාංශු
දිලීර නාශක භාවිතයෙන්ද සිදුකරගත හැක. ඒ සඳහා
කැප්ටාන් 50% (WP) තෙත් කුඩු ග්‍රෑම් 60ක් ජලය ලීටර් 50ක දියකර ගැනිම
තිරාම් 80% (WP) තෙත් කුඩු ග්‍රෑම් 70ක් ජලය ලීටර් 50ක දියකර ගැනීම
තයෝෆනේට් 50% තිරාම් (හෝමායි) ග්‍රෑම් 50ක් ජලය ලීටර් 50ක දියකර ගන්න
ඉහත සාන්ද්‍රණය
යටතේ දියකරගත් පාංශු දිලීරනාශක ද්‍රවණය තවාන හොඳින් තෙමීයන සේ යොදාගන්න
බීජ ප්‍රතිකාර
කිරීම
තවානේ බීජ
තැම්පත් කිරීමට ප්‍රථම නිර්දේශිත දිලීරනාශකයක් යොදා බීජ ප්‍රතිකාර කළ යුතුය. මෙහි
ප්‍රධාන අරමුණ බීජ සමඟ මිශ්‍රව නොයෙකුත් රෝග කාරක තවානට ඇතුල්වීම වැලැක්වීමටයි. මේ
නිසා ජීවාණුහරණය කරන ලද පසක සිටුවීමට පෙර බීජ ප්‍රතිකාර කිරීම අනිවාර්ය වේ.
බීජ අවශ්‍යතාවය
හෙක්ටයාරයකට
බීජ ග්‍රෑම් 350ත් 375ත් අතර ප්‍රමාණයක්
අවශ්‍ය වේ. සාමාන්‍යයෙන් බටු බීජ ග්‍රෑම් එකක බීජ 200ක් පමණ අඩංගුය.
කුඩා පැල
සිටුවීම
රෝපණ ද්‍රව්‍ය
තවානෙන් ලබාගත් සති 3 - 4 පමණ වයස් ගතවූ බීජ කුඩා
පැල ක්ෂේත්‍රයේ සිටුවීම සඳහා යොදා ගතයුතු වේ
බඳුන් ගතකළ කුඩා පැල පාවිච්චි කලහොත් ක්ෂේත්‍රයේදී
කුඩා පැල මැරීයාම බොහෝ දුරට අඩුකල හැකිය
බිම් සැකසීම
බැක්ටීරියා හිටුමැරීමේ රෝගය අවම කර ගැනීම
සඳහා මීට ඉහතදී සොලනේසියේ කුලයට අයත් වෙනත් බෝගයක් වගා නොකරන ලද භූමියක් තෝරා
ගැනීම ඉතා යෝග්‍ය වේ
තෙත් කලාපයේදී නම් වම්බටු සිටුවීම සඳහා උස්
පාත්ති සාදා එම පාත්ති මත සිටුවීම සඳහා වලවල් සාදා ගත යුතුය
වියළි කලාපයේදී නම් මූල වර්ධනය සාර්ථක කරනු
පිණිස ගැඹුරු සී සෑම සිදුකොට එක් වරක් හෝ දෙවරක් කැට පොඩි කොට භූමිය මට්ටම් කරගෙන,
ජල වහනය දියුණු කිරීම
සඳහා බෑවුමේ හරහට කාණු සකස් කරගෙන, නියමිත පරතරයක් අනුව වලවල් සකස් කරගත යුතුය
සිටුවීම සඳහා
යෝග්‍ය කාලය
වෙළඳපොල දත්ත අනුව ලංකාවේ වම්බටු නිෂ්පාදනය
පෙබරවාරි හා මාර්තු යන මාසවල අතිරික්තයක් පෙන්වයි,
ඉහල තොග මිල ගණන් වාර්තා කරනුයේ සැප්තැම්බර්
හා ඔක්තෝම්බර් යන මාසවලදී මේ නිසා සැත්තැම්බර් සහ ඔක්තෝබර් මාස වලදී අස්වනු
නෙලාගැනීමට හැකිවන සේ බෝගය ස්ථාපනය කිරීමෙන් ඉහල මිල ගණන්වලට නිෂ්පාදනය අලෙවි කරගත
හැකිවනු ඇත.
කෙසේවුවද වර්ෂාපෝෂිත සිටුවීමකදී වර්ෂාව
ආරම්භයත් සමඟම බීජ කුඩා පැල සිටුවීම කළයුතු වේ
නමුත් තද වර්ෂාව පවතින විට සිටුවීම නොකළ
යුතුයි
පරතරය
සෙන්ටිමීටර් 90
x 60 පරතරය ඇතිව
සෙන්ටිමීටර් 30 x 30 x 30 ප්‍රමාණයට
පිළියෙල කරගත් වලවල්වලට කාබනික පොහොර යොදා දින 25 හෝ 30 වූ බීජ කුඩා පැල එක් වලක එක බැඟින් හෝ දෙක
බැඟින් සිටුවන්න.
ඉන්පසු ජල
සම්පාදනය කොට, හිරු රශ්මිය
අධිකව ඇත්නම් කොළ අතුවලින් ආවරණය කරන්න. සවස් වරුවේ කුඩා පැල සිටුවීම වඩා යෝග්‍යය.
පැළ සිටුවීම
සාමාන්‍යයෙන් වම්බටු වගා කරන්නේ තනි සිටුවීමක්
වශයෙනි
ජලවහන තත්ත්වය අනුව සමතලා බිමේ හෝ වැටිවල කුඩා
පැල සිටුවීම කළයුතු වේ
වම්බටු වගා කරන පරතරය කුඩා පැල අතර
සෙන්ටිමීටර් 60ක් හා පේලි 2ක් අතර සෙන්ටිමීටර් 90ක් වේ
කුඩා පැල සිටුවීමට දින 2-3කට පමණ පෙර එක වලකට
කාබනික පොහොර කිලෝ ග්‍රෑම් 2-3 ක පමණ ප්‍රමාණයක්
යොදා මතුපිට පස සමඟ මිශ්‍ර කරමින් වල පුරවා මුදුන් කිරීම කළ යුතුය
සති තුන හතරක් පමණ වයස් නීරෝගී බිජ කුඩා පැල
පමණක් සිටුවීම සඳහා යොදාගත යුතුවේ
බීජ කුඩා පැල සිටුවූ පසු සෙවන සපයා ජල
සම්පාදනය කළ යුතුය
අධික හිරු එළියෙන් ආරක්ෂා කිරීම සඳහා දින
තුනක්වත් සෙවන ලබාදීමට අවශ්‍ය වේ
එක වලක කුඩා පැල එකක් හෝ දෙකක් සිටුවීම කළ
යුතුවේ
වල් පැලෑටි
පාලනය
වම්බටු කුඩා
පැල සිටුවා සති 2. 4. 7. 9 . 12 යන
අවස්ඨාවලදී වල් කුඩා පැල ඉවත් කිරීම කළ යුතුය
පොහොර යෙදීම
වම්බටු
වගාවේදී බීජ කුඩා පැල සිටුවීම සඳහා පිළියෙලකල වලවල්වලට කාබනික පොහොර අවම වශයෙන්
දොතක් (ග්‍රෑම් 250 - 300) පමණවත්
යෙදීමකල යුතුය. කුඩා පැල සිටුවීමට දින 2කට පෙර මූලික පොහොර ලෙස යෙදියයුතු රසායනික පොහොර ප්‍රමාණයද
වලවල්වලට යොදා පස් සමග කලවම් කරන්න
ජල සම්පාදනය
වියලි කලාපයේ
වර්ෂා ජලයෙන්ද වම්බටු වගාකල හැකිය. සාර්ථක අස්වනුක් ලබාගැනීමට හා ලාභදායි සිටුවීමක්
ලෙස පවත්වා ගැනීම සඳහා ජල සම්පාදනයකල යුතුය. වියළි කාලගුණයක් ඇතිවිට අවම වශයෙන්
දින 5කට වරක් ජල
සම්පාදනය කරන්න.
රෝග ලක්ෂණ
ශාක පත්‍ර
කුඩාවේ. ශාක පත්‍ර කඳට ඇලී ඇත් ස්වභාවයක් ගන්නා අතර, ඒවා විශාල සංඛ්‍යාවක් එකට ගොනුවී පවතී. ශාකය
කුරු වන අතර, පදුරුමය
ස්වභාවයක් පෙන්වයි. බොහෝවිට මල් හට ගැනීමක් සිදු නොවේ. මයිකොප්ලාස්මා නැමති
ජීවියෙකු මෙම රෝගයේ රෝගකාරකයා ලෙස ක්‍රියාකරණු ලබන බව පැවසේ.
රෝග පාලන ක්‍රම
ආසාදිත ශාක
ක්ෂේත්‍රයෙන් ඉවත් කර විනාශ කිරීම. රෝග ලක්ෂණ දුටු අවස්ථාවේදීම රෝගයට පාත්‍ර වූ
ශාක හා ඒ අවට ඇති ශාකවල මූල මණ්ඩල ප්‍රදේශය හොඳින් තෙමී යන ලෙස දිලීර නාශක මිශ්‍රණය
මල් බාල්දියකින් යොදන්න.
අස්වනු නෙලීම
වගාකර ඇති ප්‍රභේදය
හා පාරිසරික තත්ව අනුව කුඩා පැල සිටුවා සති 10 - 12 අතර දී පළමු අස්වනු නෙලා ගත හැකිය.
මින්පසුව දින 7කට වරක්
බැගින් නැවත අස්වනු නෙලිය හැකිය. පිහියකින් නටුව කපා කරල් වෙන්කර ගන්න.
අස්වනු
බටු සිටුවීමක අස්වනු
ප්‍රභේදය හා වගා පාලනය මත වෙනස් වේ. ජල සම්පාදනය කොට නිර්දේශිත ප්‍රභේදයක් වගා
කිරීමේන හෙක්ටයාර් එකකට ටොන් 15 - 18 දක්වා අස්වනු ලබාගත හැකිය. මෙම අස්වනු නෙලීම වාර 8
- 10 මගින් ලබාගත හැකිය.
පසු අස්වනු
කටයුතු
නරක්වු හා
කෘමි හානිවලට ලක්වු ගෙඩි ඉවත් කරන්න