පහසුවෙන් සාදාගත හැකි දියර ‌පොහොර වර්ගයක් හා කෘමි විකර්ශකයක්

අවශය ද්‍රව්‍ය

අමුගොම- කොටස් 01, ග්ලිඩිසීරියා(වැටහිර, නංචි )- කොටස් 01, ජලය- කොටස් 02

සාදන ක්‍රමය

අමු ගොම, නංචි, ජලය සමග භාජනයකට දමා මිශ්‍ර කරන්න. පසුව දින 21 යන තෙක් දිනක් හැර දිනක් හොඳින් කලවම් කරන්න. මෙම භාජනය වසා තබන්න. දින21 පසුව හොඳින් පෙරා භාවිතා කල හැක. මෙහි ගුණාත්මය වැඩි කිරීම සඳහා දුම්කොල නැටි, සුලු ලූණු පොතු, රතුලූණු පොතු, නයිකොච්චි කරල් කිහිපයක්, කැප්පිටියා කොල එකතු කල හැක.

අසුරුම් කිරීම

අඳුරු බහලුම් (බෝතල්, කෑන්) වල දමා මූඩි තද නොකර අඳුරු ස්ථානයක තබන්න.

භාවිතය

·        වගාවට යොදන අවස්ථාවේදී පැල අවදියේනම් ඉහත ද්‍රාවණයේ කොටස් 01කට ජලය කොටස් 08ක් (1:8) ද කලවම් කර සතියට දෙවරක් වගාවට ස්ප්‍රේ කරන්න.
·        මල් හටගැනීමට ආසන්න බෝග සඳහා කෙටස් 01 කට ජලය කොටස් 03ක් (1:3) ද කලවම් කර සතියට දෙවරක් වගාවට ස්ප්‍රේ කරන්න.

කෘමි පාලනය සඳහා

කොහොඹ ඇට ග්‍රෑම් 100 හෝ කොහොඹ කොළ කිලෝ ග්‍රෑම් 1ක් හොඳින් කොටා මැටි භාජනයක දමා ජලය ලීටර් 02 ක් සමග හොඳින් මිශ්‍ර කරන්න පසුව දින තුනක් (පැය 72) ක් තබා ද්‍රාවණය පෙරා ගන්න. මෙයට සබන් කුඩු ග්‍රෑම් 05ක් දමා හොඳින් මිශ්‍ර කර නැවත ද්‍රාවණය පෙරා ගන්න. ඔබේ ගෙවත්තේ නෑම කෘමි හානියක් පාලනය කිරීම සඳහා මෙම කෘමි නාශකය ස්ප්‍රේ කරන්න.