පැරණි ‌හෙළයන්ගේ තිඹිරිගෙය වූ තිමිර ‌ගෙය

(2020 ජනවාරි 09 බ්‍රහස්පතින්දා අරුණ පුවත්පතේ ආයුෂ් අතිරේකයෙන් උපුටාගන්නා ලදී.)

"ගැමියකු කිසිඳු විටක එම ‌රෙදි වැල යටින් ‌නොයන්නට වග බලාගත් අතර එසේ කිරීම සුබ කටයුත්තක් ‌නොවන බව ඔවුන්ගේ මතය විය. එසේ කිරීමට ‌හේතු වූයේ පුරාණ ගැමියන් පිළිවැලකට හිස නැමීම මදිකමක් ‌‌සේ සැලකීමට පුරුදු වී සිටීමය."


"එකිනෙකට මුහුණ ලා ඉදිකෙරුණු එම කුඩා නිවාසවලින් වට වූ මැද මිදුලක් සහිත මහ මඩුවක් වැනි ශාලාවක් තිබී ඇත. එම ශාලාව හඳුන්වා ඇත්තේ ගම්මඩුව යන නමිනි. ගමේ සියල්ලෝම ‌පොදු ආරක්ෂාව සැලසුනේ එම ගම්මඩුව මගිනි."


                    ආලින්දයක්, එයට යාබද වූ කුඩා බරාඳයක්, කාමරයක් ‌හ‌ෝ ‌‌දෙකක් ද කුස්සියක්ද සාමාන්‍ය ගැමි ‌ගෙදරක එකල පැවතියේය. ‌ගෙබිම ‌‌පොළොව මට්ටමින් අඩි 3ක් පමණ උස් වූයේ වැහි කාලයේදී උල් දියෙන් හා සර්පයන්ගෙන් ආරක්ෂා වීමටය. නිවසක් සෑදීමත් සමගම ඒ නිවසට ළිඳක්, වී බිස්සක් ‌හෝ ‌දෙකක් සෑම නිවසකම දක්නට ලැබුනේය. අටුවද නිවසට අත්‍යවශ්‍ය අංගයක් විය.

                    සෑම ‌ගොවි ‌ගෙදරකම කුස්සියේ ආහාර පිසගන්නා ලිප්ගල් ‌පේලියට උඩින් ලීී තට්ටුවක් බැඳ තිබූ අතර එම දුම්මැස්සට නිතර ලිපේ රස්නය වැදීමෙන් මස්, මාළු  භව‌‌භෝග පහසුවෙන් ‌වේලා ගත හැකි විය.

කරුවල කාමරය
                    පුරාණ කාලයේදී සෑම ගැමි නිවසකම කරුවල කාමරයක් තිබී ඇත. ‌පොහොසත් ගැමියන් ‌මෙන්ම දිළිඳු ගැමියන්ගේ නිවෙස්වලද එම කරුවල කාමරය අත්‍යවශ්‍ය අංගයක් වී ඇත.

                    තිමිර යන අඳුරය. මවගේ කුසද නූපන් දරුවාට තිමිර ‌ගෙයකි. අඳුරේ සිටින දරුවා ‌මෙලොව බිහිවිය යුත්තේ අඳුරේම බව ‌මෙරට පැරණි ගැමි‌යෝ විශ්වාස කළහ. අඳුරේ සිට බිහිවන දරුවාට ලැබිය යුත්ත‌ේ ‌සෙෳම්‍ය වූ ආලෝකයකි. තිමිර ‌ගෙයි ‌තෙල් පහනක් දල්වන්නේ ඒ නිසාය. ඇතුල් ‌ගේ, කරුවල ‌‌ගේ, වදන ‌ගේ, තිමිර ‌ගේ ‌ලෙසින් පැරැන්නන් හැඳින්වූ එම කාමරයට ආලෝකය වැටී නැත. රාත්‍රී කාලයට ‌පොල්තෙල් පහනක් පමණක් දල්වා තිබේ. කුඩා පටු උලුවස්සක් සහිත එම කාමරයට ජනේලයක් තිබී නැත. ‌ගොම මැටි ගා පිරිසිදු ‌‌කොට ඇති එම කාමරයේ ස්වරූපය සැබැවින්ම ගුප්ත බවක් ඉසිලීය. බාල්කයේ බැඳ බිමට වැටෙනසේ සවි ‌කොට තිබූ කඹ ‌පොට හඳුන්වා ඇත්තේ විලි රෑන ‌ලෙසිනි. දරු ප්‍රසූතියට ‌පෙර තිමිරගෙයි අබ කහ දියර ඉසීමෙන් පිරිසිදු කිරීමට පැරණි ගැමියන් කටයුතු කළේය.

                     ඔවුහු දරුවන් බිහි කිරීමටද ගමේ වින්නඹු අම්මාගේ පිහිට පැතූහ. මවකගේ දරු ප්‍රසූතියට කාලය ළංවන විට වින්නඹු මාතාව සිටින්නේද විමසිල්ලෙනි. ඒ කාලයේ වින්නඹු මාතාවන් මළපොතේ අකුරක්වත් ‌නොදත් නූගත් ‌කෙනෙකු වුවද නාරිවේද ‌වෛද්‍යවරයෙකුට වඩා එම විශය පිළිබඳ ‌කෙළ පැමිණ සිටියාය. දරු ප්‍රසූතිය සඳහා අවශ්‍ය අඩුම කුඩුම වින්නඹු මාතාවගේ මල්ලෙහි නිරතුරුවම සූදානමින් තිබුණි.

                    ඇස් ‌වෙදරාල, හන්දි ‌වෙදරාල, සර්වාංග ‌වෙදරාල, හරක් ‌වෙදරාල යනාදී වශයෙන් ‌රෝග සඳහා ‌වෛද්‍යවරුන් ගමේම සිටියහ. ඊට අමතරව බලි ‌තොවිල් ශාන්ති කර්ම සඳහාද ‌කෙම් පහන් සඳහාද විශේෂඥයෝ එකල ගම්වල විසූහ.

                    ගැමි නිවසක ආලින්දයේ ‌හෝ ‌ගෙට ‌ගොඩවන මහ පිල මත බුලත් ‌පෙට්ටියක් එකල වැරදුනේ නැත. නිිවසට එන ඔිනෑම අයෙකුට පළමුවෙන්ම පිළිගන්වන්නේ බුලත් ‌පෙට්ටියය. එහි බුලත් වලට අමතරව පුවක්, හුණු පිරුණු කිල්ලෝටයක්, ගිරයක් හා දුම්කොළ දැකගත හැකි විය. ගමේ ‌ගෙදරක පසුපස නම් කළේ පිළිකන්න නමිනි. නිවස පසු පස ‌රෙදි වැලක් බැඳ ‌රෙදි වැනීම හා ‌වේලීම කළේය. ගැමියකු කිසිඳු විටක එම ‌රෙදි වැල යටින් ‌නොයන්නට වග බලාගත් අතර එසේ කිරීම සුබ කටයුත්තක් ‌නොවන බව ඔවුන්ගේ මතය විය. එසේ කිරීමට ‌හේතු වූයේ පුරාණ ගැමියන් පිළිවැලකට හිස නැමීම මදිකමක් ‌‌සේ සැලකීමට පුරුදු වී සිටීමය.

                    අතීතයේ වනගත වූ ගම්මාන ‌හෙවත් කැලෑ ගම්මානද තිබී ඇත. දැදුරු ඔය බඩ එවැනි ගම්මාන රැසක් තිබී ඇත. කැලෑව මැද වැව අසල ළං ළංව ඉදිකරගත් පැල්පත් වැනි නිවාසවල ගමේ සියලු ‌දෙනා වාසය කර ඇත. මුලු ජනාවාසයම අක්කරයක් තරම් වූ අතර එකිනෙකට මුහුණ ලා ඉදිකෙරුණු එම කුඩා නිවාසවලින් වට වූ මැද මිදුලක් සහිත මහ මඩුවක් වැනි ශාලාවක් තිබී ඇත. එම ශාලාව හඳුන්වා ඇත්තේ ගම්මඩුව යන නමිනි. ගමේ සියල්ලෝම ‌පොදු ආරක්ෂාව සැලසුනේ එම ගම්මඩුව මගිනි. ගම්මඩුවේ ‌කොනක නිදන කුටි ඉදිකර තිබුණු අතර පැල් රැකීමට යන්නන් හැර ගමේ සියලු දෙනාම එම කුටිිිිවල නිදාගත්හ. ගම්මඩුව තුළ දිගටම ‌‌ගෙඩි පහන් ‌කොත් විලක්කු එල්ලා තිබේ. ගම වටේම රාත්‍රියේ ගිනි දල්වන්නේ රාත්‍රී කාලයේදී බියකරු සතුන් සිව්පාවුන්ගෙන් ආරක්ෂා වීම සඳහාය. එවන් ගමක් ‌වෙනත් ගමකින් ‌වෙන් කර තිබුණේ කැලෑවකිනි. එවැනි ගම්මානයක පවුල් සියයකට ආසන්නව පදිංචි වී සිටියහ.

රංජිත් ගුණවර්ධන